“We are shaped by our thoughts - We
become what we think”
'අප අපගේ සිතිවලි වලින් නිර්මාණය වන්නේ ය. අප සිතන්නේ කුමක් ද අප එය බවට පත් වේ.'
_බුදුරජාණන්වහන්සේ_
සංක්ෂේපය
පුද්ගලයාගේ සිතිවිලි සහ චින්තනය විසින් පුද්ගලයා නිර්මාණය වන බව බුදුරජාණන්වහන්සේ පෙන්වා දෙන්නේ ඉහත ආකාරයට ය. මනෝ විද්‍යාව තුළ ද ප්‍රධාන ප්‍රජානනික සංකල්පයක් ලෙස මෙකී චින්තනය යන්න හඳුනාගත හැක. එමෙන් ම චින්තනය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. මෙකී චින්තන ගතිකත්වය නිසා පුද්ගලයා සමාජය තුළ ආර්ථික-ආගමික-සංස්කෘතික-සමාජීය වශයෙන් විවිධ මට්ටම් කරා රැගෙන යනු ලබයි. ඒ ඒ මට්ටම් වලට අනුව සමාජය තුළ ප්‍රධාන ලෙස ම නිර්ධන පන්තිය සහ ධනපති පන්තිය යනුවෙන් පන්ති ද්විත්වයක් නිර්මාණය වී තිබේ. සැබෑ නිර්ධන පාන්තිකයින් යනු ආර්ථික වශයෙන් සම්පත් හිඟතාවයක් සහිත වූවන් නොව හුදු චින්තනයේ ඍණාත්මක තත්වය මත ඇතිවන ප්‍රතිඵලයක් බව පෙන්වාදීම මෙම ලිපියේ අරමුණ වේ.
දරිද්‍රතාවය සහ එහි නිර්වචනය
දුගීභාවය හෙවත් දුප්පත්කම යන්නට ඉංග්‍රිසි බසින් 'poverty' යන වචනය Anglo-Norman නම් පුද්ගලයා විසින් හඳුන්වා දෙන්නට වූ අතර 'poverty' යන්න ඉංග්‍රිසි භාෂාවට බිඳී එන්නේ පැරණි ප්‍රංශ භාෂාවට අයත් [Poverte’] යන වචනයත් ලතින් භාෂාවට අයත් Pauper(poor) හෙවත් Paupertas යන වචනයන් නිරුක්ති කොට ගෙන ය. Poverty යන්නට නිර්වචනයන් රැසක් පවතින අතර එය ප්‍රධාන ලෙස ම පුද්ගලයාගේ මූලික අවශ්‍යතා ඉටුවීම - ආදායම් තත්වය - මානව සංවර්ධක දර්ශකය - ආයු අපේක්ෂාව -දළ ජාතික නිෂ්පාදනය යනාදි නොයෙක් නිර්නායකයන් මත ගොඩනැගී ඇති ආකාරයක් දක්නට ලැබේ. එනම්, යම් ස්ථානයක හෝ රටක පවත්නා සන්දර්භීය තත්වයේ හෝ පුද්ගලයාගේ ජීවන් තත්වයේ හෝ පවත්නා පසුබැස්ම දරිද්‍රතාවය ලෙස සරලව අර්ථකථනය කිරීමට හැක.
චින්තන දරිද්‍රාතාවය හැදින්වීම
තාක්ෂණය හා ඉගෙනුම හරහා අද වනවිට ලෝකයම පරිගණකයට සීමා වූ ත් පොතපතෙහි දැනුමෙන් හා ප‍්‍රායෝගික භාවිතයෙන් තොර සමාජයක් බවට පත් වී හමාර ය. ක‍්‍රි.පූ 4 වන සියවසට ගමන් කරන විට එකල පැවති සමාජ, අර්ථික, චින්තනමය නැමියාව දෙස බැලීමේදී ගම්‍ය වනුයේ වත්මන් තාක්ෂණික ලෝකයට සාපේක්ෂව එකල පුද්ගලයා තුළ ඉතා ඉහළ චින්තනමය ශක්‍යතාවයක් පැවති බව ය. ඒ අනුව අතීතයට සාපේක්ෂව වර්තමාන සමාජය භෞතිකමය අතින් සංවර්ධනය වී තිබුණ ද මනෝවිද්‍යාත්මක පර්යාවලෝකනයෙන් බලන කල චින්තනයේ පරිහානියක් එසේත් නැතිනම් යම්කිසි මොට වීමක් දක්නට ලැබේ. මෙයට මූලික වන අංගයක් වනුයේ තාක්ෂණික ලෝකය තුළ බහුකාර්යය උපකරණයක් වන කෘතිම බුද්ධිය හෙවත් පරිගණකය යන්නයි. පරිගණකය නිර්මාණය කරවූයේ එක් පුද්ගල ආකෘතියක් පදනම් කොට ගෙන වුව ද අද වනවිට සමස්ත මිනිස් ප‍්‍රජාවම එම ආකෘතියට සීමා වී වැඩ කරනු ලබයි. මේ නිසාවෙන් සියල්ලම එකම රටාවකට අනුව සිතීමට හුරු වී ඇත. මෙම ආකෘතියෙන් ඔබ්බට සිතුවහොත් එම පුද්ගලයා හෝ පිරිස සමාජ විරෝධී හෝ මානසික ගැටලූවක් සහිත යැයි හැඳින්වීමට ද ඉඩ ප‍්‍රස්ථාව මේ සමාජය තුළ පවතී. මේ නිසා චින්තන විවිධත්වය (Diversity of Thinking) යටපත් වී ඒකාකාරී චින්තනයකට (Monolithical/Stereotyped) සමස්ත සමාජයම හුරු වී ඇත. ඒ අනුව චින්තන දරිද්‍රතාවය මත මිනිසා සෑම දෙයක ම ඍණාත්මක සන්දර්භය දක්නට පටන් ගෙන ඇත. ඒ නිසාම පුද්ගලයා ආර්ථික, සමාජීයමය, අධ්‍යාපනිකමය වශයෙන් බෙලහීනයෙකු බවට පත් වී සිටී.
එම දුගී බෙලහීන චින්තනය සමස්ත ජනතාව පුරා ම පැතිර ගොස් දුගී සංස්කෘතියකට මිනිසා පොළඹවනු ලබයි. එය ණය සංස්කෘතියක් බවට පත් වේ. ඒ නිසාවෙන් රටක් ලෙසින් ද ණය සංස්කෘතියක් කරා ගමන් කෙරෙනු ඇත. මෙකී සංස්කෘතික පරිහානිය මත තියෙන හැටියකට ජීවත් වීම, මේ ලබා උපන් හැටි යනුවෙන් පවසමින් මතුපිටින් සිත සනසා ගන්නා වදන් වලින් යුක්ත නිහඬ සංස්කෘතියකට මිනිසා හුරු වනු ඇත.
(චින්තන දරිද්‍රතාවයේ විෂම චක‍්‍රය)
ඒ අනුව මිනිසුන් මෙම චක‍්‍රය තුළ මංමුලා වී සිටිති. මෙසේ බලන කල වත්මන් ලෝකය අතීතයට සාපේක්ෂව නොයෙක් අංශයන්ගේ දියුණුවට පත් වුව ද ඒ සැබෑ සංවර්ධන ද යන්න ප‍්‍රශ්නාර්ථයකි. මන්ද ඒ තුළ සිටිනුයේ සැබෑවටම සප‍්‍රාණික චින්තනයෙන් යුතු මිනිසුන් ද එසේ නැති නම් යාන්ත‍්‍රිකමය අතකොළු බවට පත් මිනිසුන් ද යන්න සිතන්නට අත්‍යාවශ්‍ය ය. මන්ද තාක්ෂණික ලෝකය සමඟ පුද්ගල චින්තනය මුළුමනින් ම තාර්කික වුව ද ලෝකයේ පැවැත්ම හා එහි උන්නතිය සඳහා එය සදාකාලිකවම එසේ ගමන් කිරීමට නොහැකි බවත් එය ද්වීඝටනමය වශයෙන් ගමන් කළ යුතු බවත් පශ්චාත්නූතනවාදීන් ද වැඩිදුරටත් පෙන්වා දී තිබේ. මන්ද සැමවිටම හොඳ යැයි නිගමනයට නරක යනුවෙන් යමක් පැවතිය යුත්තා සේ ම සැබෑ චින්තනයෙන් යුතු මිනිසෙක් නිර්මාණයට තාර්කික චින්තනය මෙන් ආදරය, සෙනෙහස, ප‍්‍රචණ්ඩත්වය, ලිංගිකත්වය යනාදි සාධක ද ඒ හා සමාන්තරව ගමන් කළ යුතු ය. එනම්, චින්තනය ප‍්‍රබල වනුයේ මානව කේන්ද්‍රීය සමාජයක් බිහි කිරීමෙන් පමණි. මේ නිසාවෙන් ලෝකය සංවර්ධිත යැයි ඍජුවම පැවසීමට පුද්ගලයා තුළ පවත්නා චින්තනමය රටාව ධනාත්මක වෙනසකට භාජනය කළ යුතු ය. එනම්, චින්තන දරිද්‍රතා විෂම චක‍්‍රය බිඳ දැමිය යුතු ය. ඒ සඳහා පුද්ගල ජීවිතයේ විවිධ තැන් වලින් බලපෑම් ඇති කර ගත හැකිය. එනම්, දේශන-සාකච්ඡුා-පොතපත කියවීම-සමාජමය අවධිබව-මනුෂ්‍යත්වය යනාදී සරල ක‍්‍රමෝපායන්ගේ සිට බුද්ධිය නගා සිටුවීමේ උපරිම ක‍්‍රියාදාමයන් තෙක් කටයුතු සංවිධානය කළ යුතු ය.
මේ සඳහා ප‍්‍රධාන ලෙස ම පුද්ගලයා තුළ මනෝවිද්‍යාත්මක වශයෙන් වෙනසක් ඇති කළ යුතු ය. එනම්,
යනාදිය තුළින් පෞද්ගලික චින්තනයේ වෙනසක් සංවර්ධනයක් ඇති කර ගත හැක.
ඔබ අවට පරිසරය වෙනස් කර ගැනීමෙන්, පරිසරය සමඟ සම්බන්ධවීමෙන්, දිනෙන් දින ඔබ තුළ පවත්නා සිතිවිලි ආකල්ප වෙනස් වී ආතතිමය තත්වයන් දුරු වී යනු ඇත. එමෙන්ම ධනාත්මක සාම්ප‍්‍රදායික චින්තන රටාවෙන් ඔබ්බට සිතන්නා වූ පුද්ගලයින් ඇසුරු කිරිමෙන් ඔබ තුළ පවත්නා ආකල්ප ධනාත්මකව වර්ධනය වීමක් සිදු වේ. ඒ සමඟ ම ඔබ ඔබටම අනන්‍ය වූ ධනාත්මක ස්වයං ප‍්‍රතිඥාවන් කිහිපයක් ගොඩනඟාගත යුතු ය. එකී ප‍්‍රතිඥා ඔබගේ චින්තනය වෙනස් කිරීමටත් ඔබගේ පෞද්ගලික වර්ධනයේ පෙරගමන්කරුවෙකු වීමටත් හේතු වනු ඇත. ඔබ තුළ පවත්නා දරිද්‍රතාවයේ මානසික රාමුවෙන් එහාට සිතීමටත් තමා තුළ නොමැති දේ වෙනුවට තමා සතු දේවල් ඇගයීමට හුරුවෙමින් තම චින්තනයේ වපසරිය පුළුල් කර ගැනීමෙන් චින්තනමය දරිද්‍රතාවයෙන් මිදුණු සැබෑ ධනවත් පුද්ගලයෙක් නිර්මාණය කරගත හැක .
ගබ්සාව,සමලිංගිකතවය වැනි තත්වයන් හමුවේ දැඩිව විරෝධය පළ කිරීමින් සිටින යුගයක එය නීතිගත කළහොත් එය ද කාලානුරූපීව කර්මාන්තකරණයට ලක් වී සමාජය තුළ සාමාන්‍යකරණය වනු නිසැක ය. එබැවින් සුදු හෝ කළු යනුවෙන් අන්තවාදීව සිතීම නොකළ යුතුය. මන්ද මේ සමාජය තුළ අළු චරිත ද සිටිති. එසේම ඕනෑම දෙයක හොඳ හෝ නරක විනිශ්චය කිරීම සාධාරණ නොවේ. මන්ද එය පුද්ගලානුරූපීව ගතික වේ.
නිගමනය
ඒ අනුව පුද්ගලයෙක් ලෙසින් සමාජයේ අනෙක් පුද්ගලයින් සිතන හා කටයුතු කරන යල් පැනගිය ආකාරයෙන් හා ඒකාකෘත වූ මානසික රටාවෙන් මිදී තම චින්තනය හා චර්යයාව පවත්වාගෙන යාමට හැකි නම් පුද්ගලයෙක් - සමාජයක් - රටක් වශයෙන් සැබෑවටම ලෝකය තුළ පවත්නා දුගීභාවය තුරන් වී සැබෑ සංවර්ධනය උදාකරගනු නිසැකය. අධ්‍යාපනයේ දෙවන ඒකකය වන පාසලේ සිටම ළමයා හුරු කරවන ඒකාකාරී චින්තන රටාව වෙනස් කොට කෝවක බහාලූ සිසුන් බිහිකිරීම වෙනුවට ඔවුනොවුන්ට අනන්‍ය වූ ආකල්පමය වෙනසක් සහිත චින්තනයක් ඇතිව ළමුන් සිය දෙනෙක් ගතහොත් සිය දෙනා සිය ආකාරයකින් සිතන්නට ඉඩ ප‍්‍රස්ථාව හිමි කොට දෙන අධ්‍යාපනයක් තුළින් චින්තනයේ පවත්නා දරිද්‍රතාවයෙන් මිදී නව සංකල්ප, නව ආර්ථික රටාවන් , නව තාක්ෂණයන් යනාදි විවිධාංගීකරණයකට ලක් වූ ආර්ථික -සාමාජීය - මානසික - දේශපාලනික - සංස්කෘතික යන තත්වයන් තුළින් සමස්ථ ලෝකයම සැබෑ සංවර්ධන දර්ශකයන් වෙත ළඟා කරගත හැකි වනු නිසැක ය.
ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය

ආර්ථිකමය දෘෂ්ටිකෝණයට අනුකූලව දුගීභාවය යනු, පුද්ගලයෙකුගේ දෛනික ජීවන තතවය පවත්වාගෙන යාම සඳහා ඉවහල් වන්නා වූ ආහාර-ජලය-ඇඳුම් පැළදුම්-නිවාස-සෞඛ්‍ය යනාදි භෞතිකමය වශයෙන් වැදගත් වන මූලික අවශ්‍යතාවයන්හි හිඟකම ලෙස නිර්වචනය කිරීමට හැකි වේ.
සමාජමය දෘෂ්ටිකෝණයට අනුකූලව දුගීභාවය යනු, සමාජීය සත්ත්වයෙකු වශයෙන් සමාජය තුළ ජීවත්වීමේදී පුද්ගලයා තුළ පවත්නා සමාජ තත්වය-බලය-ආරක්ෂාව-හැකියාවන් සහ පිරිස් බලය යනාදියෙහි හිඟතාවය ලෙස නිර්වචනය කිරීමට හැකි වේ.
මෙකී එක් එක් නිර්වචනයන්ට අනුව ලෝකයේ විවිධ රටවල් තුන්වන ලෝකයේ රටවල්, සංවර්ධනය වෙමින් පවත්නා රටවල්, සංවර්ධිත රටවල් ලෙසින් වර්ගීකරණය කර තිබේ. එහෙත් සත්‍ය වශයෙන් ම මෙකී රටවල් සැබෑවට ම සංවර්ධිත ද යන්න පිළිබඳව ප්‍රශ්නාර්ථයක් ඉතිරි වේ. ආර්ථික සහ සාමාජීය දුගීභාවය හේතුවෙන් ප්‍රධාන ලෙස ම පුද්ගලයා දුගීභාවයට පත්කරවනු ලබයි. අනෙක් අතට එකී දුගීභාවය සඳහා හේතු වනුයේ පුද්ගලයා තුළ ම පවත්නා චින්තනයයි. ඒ නුව සැබෑ දරිද්‍රතාවය යනු චින්තන දුප්පත්කමයි.
බුද්ධිමය වශයෙන් චින්තනමය වශයෙන් රටක් දිළිඳු තාක් ඉන් යමෙකු හෝ රටක් ඔසවා තැබිය නො හැක. අතීතයේ දී බහුශැතභාවය ලෙසින් හැඳින්වූයේ බුද්ධිමය පොහොසත්භාවයයි. මෙකී චින්තනමය දුප්පත්කම තිබෙන තක් මිනිසුන් තුළ ඇත්තේ හුදු පසුගාමී ධීන මානසිකත්වයකි. චින්තනය ගත් කල එය ප්‍රධාන වශයෙන් නිර්නායක හතරක් පදනම් කොටගෙන වැඩෙන්නකි. එනම්,
- ජීව විද්‍යාත්මක සාධක
- සමාජීය සාධක
- ආර්ථික සාධක
- අධ්‍යාපනික සාධක
මිනිසා ජීවියෙකු ලෙස මෙලොවට බිහිවෙත් ම මොළයේ සැකැස්ම නිර්මාණය වී ඇති අතර එහි තිබෙන්නා වූ නියුරෝන සෛල හෝ රසායනික ද්‍රව්‍යයන් හෝ ක්‍රියාකාරිත්වය මත චින්තනය කාලානුරූපීව සංවර්ධනය වෙමින් පරිණත වෙමින් ක්‍රියාත්මක වන්නේ ය. එහෙත් එකී මොළයට හෝ රසායනික ද්‍රව්‍ය ක්‍රියාකාරිත්වයට හානියක් සිදු වුවහොත් එය ඍජුව ම බලපානු ලබන්නේ ද චින්තනය සඳහා ය. ඒ අනුව චින්තනයේ කේන්ද්‍රීය සාධකය වනුයේ මොළයයි.
එමෙන් ම පුද්ගලයා කායික හා මානසික වශයෙන් වැඩෙන්නා සේ සමාජීය වශයෙන් ද වඩා පුළුල් වපසරියකින් වර්ධනයවෙත් ම ඔහු හෝ එය සමාජීය සත්ත්වයෙකු බවට පත් වේ. එහිදී සමාජය මගින් අත්පත් කරගන්නා අත්දැකීම් පදනම් කොට ගෙන පුද්ගලයාගේ මානසිකත්වය ද සංවර්ධනය වේ. එහිදී ද සිදුවන්නේ චින්තනමය සංවර්ධනයකි. ඒ නිසාවෙන් ඇතැම්විට සමාජයේ යම් යම් තත්වයන් හමුවේ පුද්ගලයාට අනුහුරු වීමට සිදු වේ. එමගින් සමාජය පිළිබඳ, ලෝකය පිළිබඳ දකිනු ලබන ආකාරයේ ද නොයෙක් වෙනස්කම් සිදු වේ. එහෙත් සාම්ප්‍රදායික සමාජ රාමුවෙන් ඔබ්බට ගොස් ප්‍රජානන ධාරිතාවය සංවර්ධනය කරගනුයේ සමාජයේ වෙසෙන පිරිසෙන් අතළොස්සකටත් අඩු ප්‍රතිශතයක් පමණි. එයට හේතුව වනුයේ පුද්ගල චින්තනය තුළ පවත්නා ඍණාත්මක යල්පැනගිය පොදු ස්වාභාවයයි.
එමෙන් ම ඉගෙනුම යනු නව දැනුම සම්පාදන්‍ය කරගැනීමත්හ් දැනුම සොයා යාම ලෙසින් හැදින්විය හැක. එම නිසා ඉගෙනුම තුළින් ප්‍රජානන මට්ටම වර්ධනය වීමක් සිදු වේ. තව ද තාර්කිකමය චින්තනය පුළුල්වීමක් සිදු වේ. ඒ අනුව බොහෝ දාර්ශනිකයන් පවා අද වනවිට චින්තන දුප්පත්කම පිළිබඳව කතාබහ කරනු ලබයි. මෙය මනෝවිද්‍යාව තුළ සාකච්ඡාවට ලක්වනුයේ Experimental Psychology යටතේ ය. ඒ අනුව අද වනවිට Neuro Scientific research හෝ Brain research යටතේ පුද්ගලයාගේ චින්තනය පිළිබඳ අධ්‍යයනයට ලක් කෙරේ.
තාක්ෂණය හා ඉගෙනුම හරහා අද වනවිට ලෝකයම පරිගණකයට සීමා වූ ත් පොතපතෙහි දැනුමෙන් හා ප‍්‍රායෝගික භාවිතයෙන් තොර සමාජයක් බවට පත් වී හමාර ය. ක‍්‍රි.පූ 4 වන සියවසට ගමන් කරන විට එකල පැවති සමාජ, අර්ථික, චින්තනමය නැමියාව දෙස බැලීමේදී ගම්‍ය වනුයේ වත්මන් තාක්ෂණික ලෝකයට සාපේක්ෂව එකල පුද්ගලයා තුළ ඉතා ඉහළ චින්තනමය ශක්‍යතාවයක් පැවති බව ය. ඒ අනුව අතීතයට සාපේක්ෂව වර්තමාන සමාජය භෞතිකමය අතින් සංවර්ධනය වී තිබුණ ද මනෝවිද්‍යාත්මක පර්යාවලෝකනයෙන් බලන කල චින්තනයේ පරිහානියක් එසේත් නැතිනම් යම්කිසි මොට වීමක් දක්නට ලැබේ. මෙයට මූලික වන අංගයක් වනුයේ තාක්ෂණික ලෝකය තුළ බහුකාර්යය උපකරණයක් වන කෘතිම බුද්ධිය හෙවත් පරිගණකය යන්නයි. පරිගණකය නිර්මාණය කරවූයේ එක් පුද්ගල ආකෘතියක් පදනම් කොට ගෙන වුව ද අද වනවිට සමස්ත මිනිස් ප‍්‍රජාවම එම ආකෘතියට සීමා වී වැඩ කරනු ලබයි. මේ නිසාවෙන් සියල්ලම එකම රටාවකට අනුව සිතීමට හුරු වී ඇත. මෙම ආකෘතියෙන් ඔබ්බට සිතුවහොත් එම පුද්ගලයා හෝ පිරිස සමාජ විරෝධී හෝ මානසික ගැටලූවක් සහිත යැයි හැඳින්වීමට ද ඉඩ ප‍්‍රස්ථාව මේ සමාජය තුළ පවතී. මේ නිසා චින්තන විවිධත්වය (Diversity of Thinking) යටපත් වී ඒකාකාරී චින්තනයකට (Monolithical/Stereotyped) සමස්ත සමාජයම හුරු වී ඇත. ඒ අනුව චින්තන දරිද්‍රතාවය මත මිනිසා සෑම දෙයක ම ඍණාත්මක සන්දර්භය දක්නට පටන් ගෙන ඇත. ඒ නිසාම පුද්ගලයා ආර්ථික, සමාජීයමය, අධ්‍යාපනිකමය වශයෙන් බෙලහීනයෙකු බවට පත් වී සිටී.
එම දුගී බෙලහීන චින්තනය සමස්ත ජනතාව පුරා ම පැතිර ගොස් දුගී සංස්කෘතියකට මිනිසා පොළඹවනු ලබයි. එය ණය සංස්කෘතියක් බවට පත් වේ. ඒ නිසාවෙන් රටක් ලෙසින් ද ණය සංස්කෘතියක් කරා ගමන් කෙරෙනු ඇත. මෙකී සංස්කෘතික පරිහානිය මත තියෙන හැටියකට ජීවත් වීම, මේ ලබා උපන් හැටි යනුවෙන් පවසමින් මතුපිටින් සිත සනසා ගන්නා වදන් වලින් යුක්ත නිහඬ සංස්කෘතියකට මිනිසා හුරු වනු ඇත.
(චින්තන දරිද්‍රතාවයේ විෂම චක‍්‍රය)
ඒ අනුව මිනිසුන් මෙම චක‍්‍රය තුළ මංමුලා වී සිටිති. මෙසේ බලන කල වත්මන් ලෝකය අතීතයට සාපේක්ෂව නොයෙක් අංශයන්ගේ දියුණුවට පත් වුව ද ඒ සැබෑ සංවර්ධන ද යන්න ප‍්‍රශ්නාර්ථයකි. මන්ද ඒ තුළ සිටිනුයේ සැබෑවටම සප‍්‍රාණික චින්තනයෙන් යුතු මිනිසුන් ද එසේ නැති නම් යාන්ත‍්‍රිකමය අතකොළු බවට පත් මිනිසුන් ද යන්න සිතන්නට අත්‍යාවශ්‍ය ය. මන්ද තාක්ෂණික ලෝකය සමඟ පුද්ගල චින්තනය මුළුමනින් ම තාර්කික වුව ද ලෝකයේ පැවැත්ම හා එහි උන්නතිය සඳහා එය සදාකාලිකවම එසේ ගමන් කිරීමට නොහැකි බවත් එය ද්වීඝටනමය වශයෙන් ගමන් කළ යුතු බවත් පශ්චාත්නූතනවාදීන් ද වැඩිදුරටත් පෙන්වා දී තිබේ. මන්ද සැමවිටම හොඳ යැයි නිගමනයට නරක යනුවෙන් යමක් පැවතිය යුත්තා සේ ම සැබෑ චින්තනයෙන් යුතු මිනිසෙක් නිර්මාණයට තාර්කික චින්තනය මෙන් ආදරය, සෙනෙහස, ප‍්‍රචණ්ඩත්වය, ලිංගිකත්වය යනාදි සාධක ද ඒ හා සමාන්තරව ගමන් කළ යුතු ය. එනම්, චින්තනය ප‍්‍රබල වනුයේ මානව කේන්ද්‍රීය සමාජයක් බිහි කිරීමෙන් පමණි. මේ නිසාවෙන් ලෝකය සංවර්ධිත යැයි ඍජුවම පැවසීමට පුද්ගලයා තුළ පවත්නා චින්තනමය රටාව ධනාත්මක වෙනසකට භාජනය කළ යුතු ය. එනම්, චින්තන දරිද්‍රතා විෂම චක‍්‍රය බිඳ දැමිය යුතු ය. ඒ සඳහා පුද්ගල ජීවිතයේ විවිධ තැන් වලින් බලපෑම් ඇති කර ගත හැකිය. එනම්, දේශන-සාකච්ඡුා-පොතපත කියවීම-සමාජමය අවධිබව-මනුෂ්‍යත්වය යනාදී සරල ක‍්‍රමෝපායන්ගේ සිට බුද්ධිය නගා සිටුවීමේ උපරිම ක‍්‍රියාදාමයන් තෙක් කටයුතු සංවිධානය කළ යුතු ය.
මේ සඳහා ප‍්‍රධාන ලෙස ම පුද්ගලයා තුළ මනෝවිද්‍යාත්මක වශයෙන් වෙනසක් ඇති කළ යුතු ය. එනම්,
- තම අවට පරිසරය වෙනස් කිරීම
- ධනාත්මක මිනිසුන් සමඟ සම්බන්ධවීම
- තමාටම අනන්‍ය වූ ස්වයං ප‍්‍රතිඥාවක් ගොඩනඟා ගැනීම
- මුදල් ඉතිරියි ආරම්භ කිරීම
- ඔබගේ පෞද්ගලික වටිනාකම් ඉහළ නංවා ගැනීම
- ඔබ සතුව පවත්නා වත්මන් ධනවත් තත්වය ඇගයීම
- තම චින්තනය පුළුල් කර ගැනීම
- මනෝවිද්‍යාත්මක වශයෙන් තමා තුළ ම වෙනසක් නිර්මාණය කර ගැනීම
යනාදිය තුළින් පෞද්ගලික චින්තනයේ වෙනසක් සංවර්ධනයක් ඇති කර ගත හැක.
ඔබ අවට පරිසරය වෙනස් කර ගැනීමෙන්, පරිසරය සමඟ සම්බන්ධවීමෙන්, දිනෙන් දින ඔබ තුළ පවත්නා සිතිවිලි ආකල්ප වෙනස් වී ආතතිමය තත්වයන් දුරු වී යනු ඇත. එමෙන්ම ධනාත්මක සාම්ප‍්‍රදායික චින්තන රටාවෙන් ඔබ්බට සිතන්නා වූ පුද්ගලයින් ඇසුරු කිරිමෙන් ඔබ තුළ පවත්නා ආකල්ප ධනාත්මකව වර්ධනය වීමක් සිදු වේ. ඒ සමඟ ම ඔබ ඔබටම අනන්‍ය වූ ධනාත්මක ස්වයං ප‍්‍රතිඥාවන් කිහිපයක් ගොඩනඟාගත යුතු ය. එකී ප‍්‍රතිඥා ඔබගේ චින්තනය වෙනස් කිරීමටත් ඔබගේ පෞද්ගලික වර්ධනයේ පෙරගමන්කරුවෙකු වීමටත් හේතු වනු ඇත. ඔබ තුළ පවත්නා දරිද්‍රතාවයේ මානසික රාමුවෙන් එහාට සිතීමටත් තමා තුළ නොමැති දේ වෙනුවට තමා සතු දේවල් ඇගයීමට හුරුවෙමින් තම චින්තනයේ වපසරිය පුළුල් කර ගැනීමෙන් චින්තනමය දරිද්‍රතාවයෙන් මිදුණු සැබෑ ධනවත් පුද්ගලයෙක් නිර්මාණය කරගත හැක .
ගබ්සාව,සමලිංගිකතවය වැනි තත්වයන් හමුවේ දැඩිව විරෝධය පළ කිරීමින් සිටින යුගයක එය නීතිගත කළහොත් එය ද කාලානුරූපීව කර්මාන්තකරණයට ලක් වී සමාජය තුළ සාමාන්‍යකරණය වනු නිසැක ය. එබැවින් සුදු හෝ කළු යනුවෙන් අන්තවාදීව සිතීම නොකළ යුතුය. මන්ද මේ සමාජය තුළ අළු චරිත ද සිටිති. එසේම ඕනෑම දෙයක හොඳ හෝ නරක විනිශ්චය කිරීම සාධාරණ නොවේ. මන්ද එය පුද්ගලානුරූපීව ගතික වේ.
නිගමනය
ඒ අනුව පුද්ගලයෙක් ලෙසින් සමාජයේ අනෙක් පුද්ගලයින් සිතන හා කටයුතු කරන යල් පැනගිය ආකාරයෙන් හා ඒකාකෘත වූ මානසික රටාවෙන් මිදී තම චින්තනය හා චර්යයාව පවත්වාගෙන යාමට හැකි නම් පුද්ගලයෙක් - සමාජයක් - රටක් වශයෙන් සැබෑවටම ලෝකය තුළ පවත්නා දුගීභාවය තුරන් වී සැබෑ සංවර්ධනය උදාකරගනු නිසැකය. අධ්‍යාපනයේ දෙවන ඒකකය වන පාසලේ සිටම ළමයා හුරු කරවන ඒකාකාරී චින්තන රටාව වෙනස් කොට කෝවක බහාලූ සිසුන් බිහිකිරීම වෙනුවට ඔවුනොවුන්ට අනන්‍ය වූ ආකල්පමය වෙනසක් සහිත චින්තනයක් ඇතිව ළමුන් සිය දෙනෙක් ගතහොත් සිය දෙනා සිය ආකාරයකින් සිතන්නට ඉඩ ප‍්‍රස්ථාව හිමි කොට දෙන අධ්‍යාපනයක් තුළින් චින්තනයේ පවත්නා දරිද්‍රතාවයෙන් මිදී නව සංකල්ප, නව ආර්ථික රටාවන් , නව තාක්ෂණයන් යනාදි විවිධාංගීකරණයකට ලක් වූ ආර්ථික -සාමාජීය - මානසික - දේශපාලනික - සංස්කෘතික යන තත්වයන් තුළින් සමස්ථ ලෝකයම සැබෑ සංවර්ධන දර්ශකයන් වෙත ළඟා කරගත හැකි වනු නිසැක ය.
“If you can change your thoughts –
You can change this whole world”
(Norman Vincent Peale)
ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය
- අතුකෝරාල, දයා රෝහණ, (2008). මනෝවිද්‍යාත්මක උපදේශනය ,ශික්ෂා මන්දිර ප‍්‍රකාශන , කොළඹ 08
- https://en.wikipedia.org Mental status examination Recupero, Patricia R (2010). "The Mental Status Examination in the Age of the Internet". Journal of the American Academy of Psychiatry and the Law 38 (1): 15–26. PMID 20305070. Retrieved 20 September 2015
- http://www.theatlantic.com/DEREK THOMPSON NOV 22, 2013 Your Brain on Poverty: Why Poor People Seem to Make Bad Decisions. Retrieved 15 August 2015
- The Cycle Of Poverty Is Psychological, JESSICA LEBER http://www.fastcoexist.com/. Retrived 20 September 2015.
Great
ReplyDeleteThank you sir
Delete